සිහිනයකි ආදරේ (අයිති කරගන්නට බැරි)

Sihinayaki Adare (Aithi Kara Gannata Bari)


සිහිනයකි ආදරේ (අයිති කරගන්නට බැරි) Lyrics

නොබිඳෙනා භාවනාවක් වගේ
ඔබේ ඇස් දෙක කෙරේ
බලාගෙන ඉන්න හැකි නම්
මාගේ දිවියේ ඒ තරම් සැනසුමක්
ජීවිතේ නැහැ මටත් සත්තමයි රත්තරන්
අයිති කරගන්නට බැරි..
නමුත් මනසින් පෙම් බැඳී..
පෙම් කතාවක් ලෝකෙ කාටත් තියෙනවා..

පෙනෙන දුරිනි රැඳිලා අද හිටියත් අපි දෙදෙනා
කිසි දිනෙක හැබෑ නොවෙනා
සිහිනයකි ආදරේ..//

වරින් වර හමුවී වරින් වර වෙන් වී..
මුවෙන් මුව නොගැටී ගියත් ඔබ නොපෙනී
කියන්නට නොහැකී කතාවක් සැඟවී
හිතේ මිහිදන් වී තියේ මට වද දී
අයිති කරගන්නට බැරි..
නමුත් මනසින් පෙම් බැඳී..
පෙම් කතාවක් ලෝකෙ කාටත් තියෙනවා..

පෙනෙන දුරිනි රැඳිලා අද හිටියත් අපි දෙදෙනා
කිසි දිනෙක හැබෑ නොවෙනා
සිහිනයකි ආදරේ..//

කඳුළු බිඳු ගිලිහී යන විටදි ගොලු වී
හිස නමා සමුදී කාලයට ඉඩදී
ඉක්මනින් මියැදී ඉක්මනින් ඉපදී
මතු ආත්මයකදී ඔබෙ වෙන්න පතමී..
අයිති කරගන්නට බැරි..
නමුත් මනසින් පෙම් බැඳී..
පෙම් කතාවක් ලෝකෙ කාටත් තියෙනවා..

පෙනෙන දුරිනි රැඳිලා අද හිටියත් අපි දෙදෙනා
කිසි දිනෙක හැබෑ නොවෙනා
සිහිනයකි ආදරේ..//

Video thumbnail