පාරාදීසේ Lyrics
පාරාදීසේ මා හා එක් වීලා
දිවි ගමනේ ඔහු ආවා
ශෝකාලාපේ ගීතේ මා ගැයුවා
පෙරදා හැඬුවා
ඔබ නලවමි මම
ඔබ සනසමි මම
සවන පුරා කීවා
දෙරණ පුරා මා ඉකිබිඳිනා හඬ
රැව් පිළිරැව් දුන්නා
සිත බැඳිලා රැඳිලා
පාරාදීසේ..
ආදර ලෝකේ මිහිර ලබන්නට
මා ආවද මන්දා
බැඳුනු සෙනේ හද බිඳුනු නිසාදෝ
ඔහු ආවේ කැන්දා
සිත බැඳිලා රැඳිලා
පාරාදීසේ...