අවාරේ ඇවිදින් (නුඹ ලග තරම් නෑ) Lyrics
අවාරේ ඇවිදින් පෙරුමන් පුරන්නේ
හැමදාම මං හෙව්ව ප්‍රේමයයි හැගෙන්නේ
හිත මගේ අවුළුවා නුඹම යලි නිවන්නේ
නුඹ ලග තරම් නෑ මට මං දැනෙන්නේ
නුඹ ලග තරම් නෑ මාව දැනෙන්නේ
හුස්මන් ගැහෙන්නේ නුඹ නමින් වේනම්
නොදොඩා පිරී නුවන් මුව ගොළු උනා දැන්
රිදෙන පෑරෙන හැඟුම් සඟවාන රහසින්
හිඳින්නම් ජීවිතේ මං හෙවනැල්ල විලසින්
ඇහිපියන් යා වෙවී නුඹ ඉන්නවා නම්
මඟ හැරෙන්නට ඉඩක් දෙන්නේම නෑ මං
සසර හුරු පුරුදු සේ යලි හමු වුනෝතින්
හිමි අහිමි ප්‍රේමයේ මේ හිත නැවතුනා දෙන්
අවාරේ ඇවිදින් පෙරුමන් පුරන්නේ
හැමදාම මං හෙව්ව ප්‍රේමයයි හැගෙන්නේ
හිත මගේ අවුළුවා නුඹම යලි නිවන්නේ
නුඹ ලග තරම් නෑ මට මං දැනෙන්නේ
නුඹ ලග තරම් නෑ මාව දැනෙන්නේ