ආල මන්දාරම (දුර යන්නම් කීව නෙතු)

Ala Mandarama (Dura Yannam Kiwa Nethu)


ආල මන්දාරම (දුර යන්නම් කීව නෙතු) Lyrics

නෑසූ පෙම් ගීත සැඟවූ ආල මන්දාරමේ
පෑව ආලයට ගැරහූ ඇයිද නුඹ ආයෙ මේ
ලංවී හිටි හටියෙම රිදවූ
ඔය සුසුමන් මා ලඟ නැවති
තව තව රිදවන විට හමුවූ
ඔය කඳුලැලි මා පාරාවී

දුර යන්නම් කීව නෙතු කිමදෝ
මේ නෙතු හා බැඳීලා
හිනහෙන්නම් කීව මුත් යලි මා
නෙතු බොඳවී තෙමිලා
සඟවන්නම් නේක හැඟුමන්
රහසේ කියවාලා
හුරුවෙන්නම් නුඹෙන් මිදෙන්න
යලි නොබැඳී නුඹ හා

කතා කරන තරු ඇස් පැවසූ ආලේ සැඟවේවී
මගේ හීන මල්ගොමු සැරසූ නුඹ ආයෙ නොඒවී
හද බැඳි නුඹෙ රූ බ්සිතුවම්
සුසුමන් යාකල හැඟුමන්
පණ අයදින අපෙ පෙම්දම් අපෙ මතකෙන් මිදී ගියදෙන්
නුඹ නොමැතිව මට රිදුනත්
මා නැති තැන නුඹ තුටු නම්
මේ නෙතු හමු නොවනාසේ නුඹ පියමං කරනු හැකිනම්

දුර යන්නම් කීව නෙතු කිමදෝ
මේ නෙතු හා බැඳීලා
හිනහෙන්නම් කීව මුත් යලි මා
නෙතු බොඳවී තෙමිලා
සඟවන්නම් නේක හැඟුමන්
රහසේ කියවාලා
හුරුවෙන්නම් නුඹෙන් මිදෙන්න
යලි නොබැඳී නුඹ හා

Video thumbnail