හිත ගාව හීන මාලිගේ හදාපු ආදරී
ලඟපාත නෑ කොහේ ගිහින්ද මා කෙරෙන් මිදී
වදයක් නම් ඔයාට දැන්
ඉන්නම් මං වෙලා අයින්
නොලැබීම නේද ජීවිතේට මං ලබාපු දේ
මං කරපු වරද ආදරේද ඔබට පණ වගේ
ඇස් වෙවුලුනාට සුබ පතන්න සුබ ගමන් කියා
සුදු ඇඳන් ඔයා මං හොයාන එන්න නම් එපා
රැකගන්න බැරිවූ ඔබ දුන් පොරොන්දු
උදයේ හවා මාගේ ඇස් රතු කලා
අඩු නැතුව දුන්නු මගේ ආලේ බොරුලු
මදි පාඩු කියලා කෙරුව චෝදනා
නෑ අගයක් සතයක් වත්
තිබුනේ නම් මා ගැන නම්
නොලැබීම නේද ජීවිතේට මං ලබාපු දේ
මං කරපු වරද ආදරේද ඔබට පණ වගේ
ඇස් වෙවුලුනාට සුබ පතන්න සුබ ගමන් කියා
සුදු ඇඳන් ඔයා මං හොයාන එන්න නම් එපා
ඉවසුව රිදවුම් රැකගන්න පෙම් දම්
පන්නන්න බැරි හින්දා මතකෙන් ඔයා
මලදාට වත් මං තේරුම් ගියෝතින්
සැනසේවි සත්තයි ආත්මේ පවා
නෑ තරහක් යන්තම් වත්
නොයෙන්න මං යනවා දැන්
හිත ගාව හීන මාලිගේ හදාපු ආදරී
ලඟපාත නෑ කොහේ ගිහින්ද මා කෙරෙන් මිදී
වදයක් නම් ඔයාට දැන්
ඉන්නම් මං වෙලා අයින්
නොලැබීම නේද ජීවිතේට මං ලබාපු දේ
මං කරපු වරද ආදරේද ඔබට පණ වගේ
ඇස් වෙවුලුනාට සුබ පතන්න සුබ ගමන් කියා
සුදු ඇඳන් ඔයා මං හොයාන එන්න නම් එපා