හමන සුළඟත් ඇතී
හිතට හීලෑ නතී
එකම වරදේ බැඳී
මට දුන්නු දුක ඇතී
වේදනා හිතේ තියා
යලිත් නුඹ හැදෙයි කියා
නිදහසක් නොවෙයි එදා
සමාවක් දුන්නෙ මා
මේ ජීවිතේ සැනසීමත් ඔබයි
මේ ජීවිතේ පසුතැවීමත් ඔබයි
මේ ජීවිතේ සැනසීමත් ඔබයි
මේ ජීවිතේ පසුතැවීමත් ඔබයි
දවසකට ආදරේ සොයන මේ ලෝකයේ
පිං නැත්තෙ ඔබටමයි මගෙ ආදරේ
නිහඬ මේ අතීතයේ රිදුම් නතුවා නොවේ
තනිවුනු මමයි හිතයි ඒ බව දනී
සමු ගැන්ම නුඹ මගේ අරුමයක් නොවේ
අතින් අතට යයි නම් නුඹ විහින් නුඹ නසා
මේ ජීවිතේ සැනසීමත් ඔබයි
මේ ජීවිතේ පසුතැවීමත් ඔබයි
අදත් නැති ආදරේ හෙටත් කොහෙදො හදේ
නුඹත් පැරදී ඉඳී නුඹෙ ජීවිතේ
දෑත් මත දෑත් තියා ආයෙ කිසිවක් නොකියා
අවසාන හාදුවෙන් සමුගෙන යමී
සමු ගැන්ම නුඹ මගේ අරුමයක් නොවේ
අතින් අතට යයි නම් නුඹ විහින් නුඹ නසා
හමන සුළඟත් ඇතී
හිතට හීලෑ නැතී
එකම වරදේ බැඳී
මට දුන්නු දුක ඇතී
වේදනා හිතේ තියා
යලිත් නුඹ හැදෙයි කියා
නිදහසක් නොවෙයි එදා
සමාවක් දුන්නෙ මා
මේජීවිතේ සැනසීමත් ඔබයි
මේ ජීවිතේ පසුතැවීමත් ඔබයි
මේජීවිතේ සැනසීමත් ඔබයි
මේ ජීවිතේ පසුතැවීමත් ඔබයි..