සිහිනෙන් දැහැනෙන් බිඳිමින් (කෝලිත්තං)

Koliththan


සිහිනෙන් දැහැනෙන් බිඳිමින් (කෝලිත්තං) Lyrics

හිමිකම නොකියන දෙනෙත ඔබේ
හිමි බැව් දැන දැන හිදිමි සදේ
චන්ඩ ප්‍රේම මුදු ගේන හිනා රැළි
කෝලිත්තං කෙරුවා
වින්ද හීන නිදි බින්ද කෙටිම රැය
ශෘංගාරෙක බැදුනා....

සීනෙන් දැහැනෙන් බිදිමින් වන්නම් නටනා
හීගතු හිතක් වගෙයි
ප්‍රේමෙන් ආලෙන් කෝලෙන් ඔච්චම් කරනා හීනය නුඹෙයි මගෙයි....

ප්‍රේමයෙන් මත් වී නුරා හද
සෝ සුසුම් වින්දා....
ආලයෙන් එක ප්‍රේම බැල්මක්
තහනම් දෝ මන්දා....

සීනෙන් දැහැනෙන් බිදිමින් වන්නම් නටනා
හීගතු හිතක් වගෙයි
ප්‍රේමෙන් ආලෙන් කෝලෙන් ඔච්චම් කරනා හීනය නුඹෙයි මගෙයි....

පන්හිදෙන් විද තල්පතක් මත
සෙත් කවක් ලිව්වා
සංහිදෙත් හිද ශ්ලෝකයක් ලෙස
මුමුණමින් උන්නා....

සීනෙන් දැහැනෙන් බිදිමින් වන්නම් නටනා
හීගතු හිතක් වගෙයි
ප්‍රේමෙන් ආලෙන් කෝලෙන් ඔච්චම් කරනා හීනය නුඹෙයි මගෙයි....

Video thumbnail