හිමි නැති ආදරේක (මංමාවත් පාලුවේ)

Himi Nathi Adareka


හිමි නැති ආදරේක (මංමාවත් පාලුවේ) Lyrics

මංමාවත් පාලුවේ ගිලිලා  නුඹ මා නැවතූ
තනිකම රිදවාන යළි දැනුනා
සිහිනෙක වුව ආයේ ළඟ මැවිලා
නොම ඒවි සැනසූ
නිල් නෙතු නොගැටේවි යළි කිසිදා

නොදකින වාරේ පාසා
නෙතු මානෙන් නුඹ දුර නිසා
මතකෙම පීරා බැලුවා
නුඹ එහි නෑ සිතුවම් වෙලා
මොහොතක් නැවතී රැඳුනා
හද පත්ලේ කිමිදී මෙමා
කඳුලැලි නොදොඩා වැටුනා
නුඹ හද මානෙත් නෑ මෙදා

හිමි නැති ආදරේක හීලෑ නැතුව මා
නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා
මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා
නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා

හදක බැඳුනාම ආලේ
යන්න හැකිවේද ආයේ
නොදැනුණා සේ හදින් මකා දමා
මතක පුරවාපු කාලේ
එන්නේ නැතිවේද මාගේ
කඳලු පිසලන්න නුඹෙ සුසුම් හොවා

වියැකිලා හීන කඳුලේම ගිලිලා
මියැදිලා ආදරේ මගෙ හිතින් මා

නොදකින වාරේ පාසා
නෙතු මානෙන් නුඹ දුර නිසා
මතකෙම පීරා බැලුවා
නුඹ එහි නෑ සිතුවම් වෙලා
මොහොතක් නැවතී රැඳුනා
හද පත්ලේ කිමිදී මෙමා
කඳුලැලි නොදොඩා වැටුනා
නුඹ හද මානෙත් නෑ මෙදා

හිමි නැති ආදරේක හීලෑ නැතුව මා
නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා
මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා
නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා

Video thumbnail