හසරැල් පොදක් (මතකය අමතක කරලා)

Hasaral Podak (Mathakaya Amathaka Karala)


හසරැල් පොදක් (මතකය අමතක කරලා) Lyrics

මතකය අමතක කරලා
සමුගන්නට අපි දෙදෙනා
පූරුවෙ ඇති පව් කරලා
එක හෙවනක් යට ඉඳලා

පාළු දැනුන විට
ඔබ එන්න මා වෙතට
තාම පෙර ලෙසම
මම ආදරෙයි ඔබට

හසරැල් පොදක් පළදාගෙන
පෙම් ආකහෙ ඉඟිලෙන්නට
ආසයි මටත් ඔබ වාගෙම
හරි ආදරෙන් දුර ඈතට

පාළු දැනුන විට
ඔබ එන්න මා වෙතට
තාම පෙර ලෙසම
මම ආදරෙයි ඔබට

සංසාරයෙන් සංසාරෙට
එක් වී හිඳින්නම් කියූ ඔබ
දවසින් දෙකින් මගෙ සෙනෙහස
අමතක කලේ හිතකින්මද

පාළු දැනුන විට
ඔබ එන්න මා වෙතට
තාම පෙර ලෙසම
මම ආදරෙයි ඔබට

මතකය අමතක කරලා
සමුගන්නට අපි දෙදෙනා
පූරුවෙ ඇති පව් කරලා
එක හෙවනක් යට ඉඳලා

පාළු දැනුන විට
ඔබ එන්න මා වෙතට
තාම පෙර ලෙසම
මම ආදරෙයි ඔබට

Video thumbnail