ඉරණම් කතන්දරේ

Iranam Kathandare


ඉරණම් කතන්දරේ Lyrics

ඉරණම් කතන්දරේ මා අසලින් දෝ ලියැවුණේ
දෛවයේ නිම්නයේ ඔය ලෙන්ගතු ඇස් දැල්වුණේ
නිල් රැයේ - ආකහේ - තරු වගේ
ඇස් තේරවිලි අහනවා
මොනවදෝ කියනවා

සැන්දෑ කැදැල්ලේ පුංචි කිරිල්ලේ
සාදයේ ලතාවෝ
ලස්සන දවසේ ගයනෙමි සුබසේ
ගී මධු රටාවෝ
මනහාර මියුරු රස ගෙනා
මුදු සිහිල් හිතවතිය මනා
හැම හිතක මවා මල් හිනා
දෙමි ගීත තිළිණයක් තනා

දවස මුළුල්ලේ කොපුල් සඳැල්ලේ
සංවර සිනාවෝ
පුරුදු ඉසවුවේ සොඳුරු ඉමවුවේ
ලෙන්ගතු කතාවෝ
සඳ සාද ශ්වේත රුව මවා
රෑ අහසෙ සඳ එළිය පවා
ඔය මුහුණ සඳ දියෙන් දොවා
තිළිණයක් නුඹට ඇත එවා

Video thumbnail