මග බලා හඩන Lyrics
මඟ බලා හඬන දෙනෙතේ..
කඳුලැලි ඉහිරිලා ගලන මොහොතේ..
නොමැකෙනා මතක අපගේ..
තවමත් මැවෙනවා දකින සිහිනේ..
හදවතේ පෙරවගේ..
හද ගැස්මම ඔබයි අද මගේ...
ඇයි ලදේ ඔබ මගේ හැම..
හුස්මට පවා පෙම් කලේ...
කී කතා පෙරදා මුකුළු කර
සිහිවෙලා රහසේ...
වේදනා සඟවා තුරුළු කර
නැළවුනා අඳුරේ..
දාලා යන්නට බෑ ලැබුනු උණුහුම
හැරදමා සමුගෙන යන්න නම් මට
ඇයි මේ තරම් ලං වුනේ..
ඇයි මේ තරම් ලං වුනේ..
පෑ සිනා පෙඟුනා කදුළු මැද
කුරුටු ගෑ මතකේ..
පෑරුනා විදිනා දුකට හිද
කීරි ගෑ පපුවේ...
වාවගන්න බෑ තවම තනිකම
හීනෙකින්වත් නෑ යන්නෙ කිව් ඔබ
ඇයි මා කෙරෙන් වෙන්වුනේ...
ඇයි මා කෙරෙන් වෙන්වුනේ...
ගායනය : බාචි සුසාන්
පද රචනය : සජිත් චතුරංග
සංගීතය : කේෂාන් පෙරේරා