සෙනසුරු මගේ ඉවර වුණා Lyrics
සෙනසුරු මගේ ඉවර වුණා
සිකුරා හොඳටම ලබලා
කල වයසත් හරි හින්දා
මනමාලයෝ කැරකෙනවා
ගෙදරින් මට වද දෙනවා
දීගෙක යන්නටම කියා
කරදර පිට පිට එනවා
නිදහස මගේ නැතිවෙනවා.....
අල්ලපු ගෙදර අපේ බෝඩිමේ කොලු ගැටවුන්
ඉන්නම දෙන්නේ නෑනේ බැල්ම දානවා
ඔච්චර ඔරවන්න එපා කියනවා
මේ විගඩම් බලාන මාත් ඉන්නවා....
සෙනසුරු මගේ ඉවර වුණා
සිකුරා හොඳටම ලබලා
කල වයසත් හරි හින්දා
මනමාලයෝ කැරකෙනවා
ගෙදරින් මට වද දෙනවා
දීගෙක යන්නටම කියා
කරදර පිට පිට එනවා
නිදහස මගේ නැතිවෙනවා....
අනංග වෙස් අරගෙන මගේ පස්සෙන් එනවා
දෑවැදි ඕනෙම නෑ කියලා කියනවා
කවුරුන් තෝර ගන්නවාද හිතෙනවා
හිත හිත ටික ටික මං වයසට යනවා.....
සෙනසුරු මගේ ඉවර වුණා
සිකුරා හොඳටම ලබලා
කල වයසත් හරි හින්දා
මනමාලයෝ කැරකෙනවා
ගෙදරින් මට වද දෙනවා
දීගෙක යන්නටම කියා
කරදර පිට පිට එනවා
නිදහස මගේ නැතිවෙනවා....