නුවර වැවට මුහුදු හුළං

 Nuwara Wewata Muhudu Hulan


නුවර වැවට මුහුදු හුළං Lyrics

උදෙම්ම පත්තරයක් අරන් බලපු මගුල් පහෙන්
ගෙදරට මම හෙනයක් වෙලා ඉදපු මගුල් බරෙන්
එක කෙල්ලෙක් ගැන හිතුනා හෙට අපි දැන් එහෙ යනවා
කිංකිනි පත්තරේ උඩම හිටපු මනාලී...
අනෙ කිංකිනි පත්තරේ උඩම හිටපු මනාලී...

නුවර වැවට කොළඹ මුහුදු හුලං හෙට හැමුවාවේ...
කැන්දන් එමු කොළඹට ලබන සුමානේ
අල්ලන් යනකොට වැව රවුම දිගේ නැවු පෙනුනාවේ...
දක්කන් යන්නම් නැව් කොළඹ වරායේ...

වාර විභාගෙට වාඩි උනාවගෙ ප්‍රශ්න වැලක් තිබුනා..
මාමන්ඩි ලගින් නැන්දම්මා ඉදන් දුව දෙන්න වගේ හිටියා...
මගෙ හදහන මගුලට කරුමෙට හරහට හිටියා..
මම නුවරට ගැල පෙන විදිහට හදහන හැදුවා
හෙට සෙනසුරු ග්‍රහයගෙ කොටුවට සිකුර ඇඩ් උනා...

නුවර වැවට කොළඹ මුහුදු හුලං හෙට හැමුවාවේ...
කැන්දන් එමු කොළඹට ලබන සුමානේ
අල්ලන් යනකොට වැව රවුම දිගේ නැවු පෙනුනාවේ...
දක්කන් යන්නම් නැව් කොළඹ වරායේ...

අකමැත්ත එයාලගෙ පැත්තෙ අයත්
මට තිබ්බ එදා ඉදලා
මොන ප්‍රශ්න උනත් අපි දෙන්න එදාවගෙ තාම බලන් හිටියා...
අපි මගුලට යන වියදම ගැන සැරටම හිතලා
හෙට එලි වෙනකොට හොරෙම්ම යමු නුවරට වැදලා...
අපි ගිහින් ගෙදර ඉමු ජොලියෙන් බබාල හදලා...

නුවර වැවට කොළඹ මුහුදු හුලං හෙට හැමුවාවේ...
කැන්දන් එමු කොළඹට ලබන සුමානේ
අල්ලන් යනකොට වැව රවුම දිගේ නැවු පෙනුනාවේ...
දක්කන් යන්නම් නැව් කොළඹ වරායේ...

උදෙම්ම පත්තරයක් අරන් බලපු මගුල් පහෙන්
ගෙදරට මම හෙනයක් වෙලා ඉදපු මගුල් බරෙන්
එක කෙල්ලෙක් ගැන හිතුනා හෙට අපි දැන් එහෙ යනවා
කිංකිනි පත්තරේ උඩම හිටපු මනාලී...
අනෙ කිංකිනි පත්තරේ උඩම හිටපු මනාලී...

නුවර වැවට කොළඹ මුහුදු හුලං හෙට හැමුවාවේ...
කැන්දන් එමු කොළඹට ලබන සුමානේ
අල්ලන් යනකොට වැව රවුම දිගේ නැවු පෙනුනාවේ..
දක්කන් යන්නම් නැව් කොළඹ වරායේ...

Video thumbnail