ඔය හිනාව (හිතවන්ති) Lyrics
ප්‍රේමි නුඹ මාගේ
හිත ළඟම වීලා
වරඟනක් වාගෙ
හිතටම මැවීලා
ලංව මට ආයේ
මුමුනන් සඳේ මා
දැනුනා මට ආලේ
නුඹ ළඟ අසීමා
හිතවන්තී නුඹේ ඔය හිනාවකට මම
ආයෙත් පැටලුනාවේ..
මල් මත ආලෙන් පිරුණු පාටේ හැඩට
විහඟුන් නැවතුනා සේ..
නොදැනීම වාගේ දැනෙනවා...
ඔය හිනාව ඔය කතාව
නුඹ මගේම වෙනවාද
ලං උනාම නුඹ ලඟින්
මන් ඉන්නම්...//
රෑ හීනෙන් නුඹේ හිනා පේනවා
බැලු දෑසේ චේතනා තේරුනා
ආදරෙයි ද පවසන්න
ගෙතු හීන එලිවෙන්න
නුඹ මාගෙම වන බැව්
තේරුනා ලඳේ...
ඔය හිනාව ඔය කතාව
නුඹ මගේම වෙනවාද
ලං උනාම නුඹ ලඟින්
මන් ඉන්නම්...//