ඇයද වැරදි? (සංසාරේ මා පැතූ)

Ayada Waradi? (Sansaraye Maa Pathu)


ඇයද වැරදි? (සංසාරේ මා පැතූ) Lyrics

සංසාරේ මා පැතූ
දෙවඟන ඔබම හින්දා
ස්වප්න පුරයේ මා මැවූ
ආදරේ ගීතයේ
සත්සර නුඹ වුනේ
ඇයිද මන්දා

සුහුඹුල් මුවඟ නුඹගේ
හසරැල් මවන රහසේ
කෙලෙසනු කෙලෙස
නුඹ ආදරී

සියපත් විලෙහි මලකි
උයනක සෙව්වන්දියකි
නාමලකි, සියපතකි,
සොඳුරී

පෝදා පෑයූ සඳකි
දෙව් ලොව සුරඹ ලියකි
සාලිය පෙම්කළ
මාලාවකි

පෝදා පෑයූ සඳ එළිය
ඇයි නොවිඳුවේ
සෙව්වන්දිය පොඩි කර
ඇයිද එය විසි කරේ
සිසිවත සුවය, මල් පහස
මනුසත් විලසින් නොවිඳ
සකිසඳ කිම සලෙලකු මෙන්
ඇය වැනසුවේ

මල් පෙති සුනුවිසුනු වී
මුදු මනි පත ද බිඳුනි
සුරඟන බඳු සුන්දර
ඇයද වැරදි?

සියපත් විලෙහි මලකි
උයනක සෙව්වන්දියකි
නාමලකි, සියපතකි,
සොඳුරී

පෝදා පෑයූ සඳකි
දෙව් ලොව සුරඹ ලියකි
සාලිය පෙම්කළ
මාලාවකි

Video thumbnail