නුඹ සොයලා Lyrics
රැය ගෙවෙනා
නුඹ නිදනා ඒ මතකේ
සැරිසරමි ඉම සොයලා
වේදනා සයුරේ
හද පාරනා ඒ හීනේ
මදහාස මා දවනා
ගන අන්දකාර සීතේ
ගොලු තාරකාද නිවෙනා
නුඹ සොයලා නෙතු දැවෙනා//
යලි කිසිදා
නුඹ නොඑනා මේ නගරේ
එලි නිවමි බිඳ වැටෙනා වාලුකා ඇඳුරේ
හද පාරනා ඒ හීනේ
මදහාස මා දවනා
ගන අන්දකාර සීතේ
ගොලු තාරකාද නිවෙනා
නුඹ සොයලා නෙතු දැවෙනා//