තනි මනසක පාළු මකාලා මට මොනවද මේ කෙරුවේ
යළි පිටවෙන පාර වසාලා නවතිනු බැරිදෝ තුරුළේ
හිත හුරු නැත මේව දරලා මට හැඬවෙනවා රහසේ
මට බොරු කෙරුවාට කමක් නෑ නුඹගේ හිත මාගේ
නුඹ ළඟ ආදරෙන් නැළවෙනා එකම කෙනා නොවේ කියා
නුඹ දෙන චාටු හාදු අතරේ මට දැනුනා
හැබැහැට පේන හීන බිඳලා නුඹ පිට වේද මා දවා
කලියුග ප්‍රේමයේ තනිවෙලා මා හිඳිනා
මායාවක මා පාවෙනවා සේ දැනෙනා විට මා
ආ මේ දුර ප්‍රේමේයි හිතුවා
රූරායන දෑසේ ගිලිලා මා නොනිදා නිදනා
හෝරා දින සති මාසේ ගෙවෙනා නොදැනුනා
නුඹ ළඟ ආදරෙන් නැළවෙනා එකම කෙනා නොවේ කියා
නුඹ දෙන චාටු හාදු අතරේ මට දැනුනා
හැබැහැට පේන හීන බිඳලා නුඹ පිට වේද මා දවා
කලියුග ප්‍රේමයේ තනිවෙලා මම හිඳිනා