භවය පුරා

Bawaya Pura


භවය පුරා Lyrics

ඔය ඇස් දෙක දිහා බලාන ඉන්නයි ආසම
ඒ කියනා කතාව අහගෙන ඉන්නයි ආසම..
ඔය තුරුලේ නැලවී ඉන්නයි මං හරි ආසම
මේ භවය පුරා ඔයාගෙම වෙන්නයි ආසම..

මං ආදරෙයි ඒ තරම් ආදරෙයි
පණටත් වඩා ඒ තරම් ආදරෙයි
මං ආදරෙයි ඒ තරම් ආදරෙයි
පණටත් වඩා ඇත්තමයි ආදරෙයි

පෑ සිනාව පැවසූ දේ
ඔය රුව දුටු මුල් දිනයේ
රහසින් මට හැඟවූයේ ඔබ මාගෙමයි කියා
මතකෙන් දැනුනා සිහිනේ
සසරේ පුරා පැතු සෙනෙහේ..
සත්තයි මට දැනුනානේ ඔබ මාගෙමයි කියා
මං ආදරෙයි ඒ තරම් ආදරෙයි
පණටත් වඩා ඇත්තමයි ආදරෙයි

මල් යායක සැඟවූ ඒ
මන බැන්ඳූ හද සෙනෙහේ
නෙතු කැල්මෙන් දැනුනානේ ඔබ මාගෙමයි කියා
උණුහුම රැඳි නුඹ තුරුලේ
ඉන්නයි සැමදා පැතුවේ
සත්තයි මට හැඟුනානේ ඔබ මාගෙමයි කියා

ඔය ඇස් දෙක දිහා බලාන ඉන්නයි ආසම
ඒ කියනා කතාව අහගෙන ඉන්නයි ආසම..
ඔය තුරුලේ නැලවී ඉන්නයි මං හරි ආසම
මේ භවය පුරා ඔයාගෙම වෙන්නයි ආසම..

මං ආදරෙයි ඒ තරම් ආදරෙයි
පණටත් වඩා ඒ තරම් ආදරෙයි
මං ආදරෙයි ඒ තරම් ආදරෙයි
පණටත් වඩා ඇත්තමයි ආදරෙයි

 

Video thumbnail