රුහුණු දුම්රියේ Lyrics
කන්නලියේ වළා තීරයේ
නුඹෙ ඇස් මට මැවීලා පෙනේ
කොළඹ ඉඳන් රුහුණු දුම්රියේ
ඔබේ මතකය මවනවා මං තෙවැනි පන්තියේ
පෙම් චිතකය දැවුනත් ඔබ නිදයි මතකයේ...
මගේ පපුවේ තෙරපී එන මට මුමුණපු කතා
සිහිවෙනවා සැමදා මට පෙර මතකය කවා
අගුළු දමා කොළඹ බෝඩිමේ...
ඔබ බලන්න ආවා මං රුහුණු දුම්රියේ ....
ඕ... ඕ...a
ඔබ බලන්න ආවා මං රුහුණු දුම්රියේ ....
නුඹ ගියදා හැරදා දුර මා තනිකර දමා
සිත රිදුනා විඳවා මතු දුක් සුසුමන් දරා
පඬුරු දමා වැල්ලේ බෝදියේ...
මතු සසරෙත් පැතුවා මං නුඹම සොඳුරියේ...
ඕ... ඕ...
මතු සසරෙත් පැතුවා මං නුඹම සොඳුරියේ...
කන්නලියේ වළා තීරයේ
නුඹෙ ඇස් මට මැවීලා පෙනේ
කොළඹ ඉඳන් රුහුණු දුම්රියේ
ඔබේ මතකය මවනවා මං තෙවැනි පන්තියේ...