Oh My රාමා Lyrics
කාදල් ඕනා
ඕ මයි රාමා
ඔරවං ගියාට පණ මගේ කල්කිරි
පව්ඩර් ගානා
මං සුදු නෝනා
හුරතල් උනාම මං නුඹේ ටින්කිරි
හීන දකින ආලෙ දපන දාන හැන්ඩියා
හාදු කොමල පාට දෙමල වාගෙ චන්ඩියා
පාලු හිතට ආලෙ කනට කීවෙ නංගියා
ජෝඩු මඟුල දාලා යමුද යන්න ඉන්ඩියා
කැපෙන රැවුල වාගේ නලුවා රජනි
මතක නැතිද ආලේ කෙරුවා ගජනි
විජය නුඹද මාගේ මා දැන් කුවණි
ගමට කෙල්ල වාගේ නුඹටයි රැජිනි
නලලෙ දිලිසි දිලිසෙයි මාගේ රතට
කබලෙ දෝසෙ පුරුදුයි ආලේ රසට
යමුකො ජෝඩු පන්සල් කෝවිල් එකට
හනික හාදු දෙන්නම් හා නම් හිතට