ජාමෙට පාට පාට ලෝක පේනවා
ඈ මට රෑට රෑට හීන ගේනවා
රූපෙට කෝල ලෝල
මා වශි වීලා ආල
කෝමල තාල දානවා
සරාගිකාරී අන්ඳලා සලෙලු
කැන්ඳං ඇවිල්ලම නින්දෙන් මහන්සිලු
කාරී නෑ ලපලු හිත මේ පිරෙනවා
මුකුලුකාරී බාරී වෙන්නට එන්නමේ සල්ලාල කොල්ලාගේ ආලේ තාලේ හදට එබෙනවා
තාලේ රඟාපන් ආලේ කියාපන්
කාලේ අරං මං මාලේ දමන්නං
ලා රතු පෑ තොටිල්ලේ
ලා නුඹ පා කිරිල්ලේ
ලාවට හීන පේනවා
සරාගිකාරී අන්ඳලා සලෙලු
කැන්ඳං ඇවිල්ලම නින්දෙන් මහන්සිලු
කාරී නෑ ලපලු හිත මේ පිරෙනවා
මුකුලුකාරී බාරී වෙන්නට එන්නමේ සල්ලාල කොල්ලාගේ ආලේ තාලේ හදට එබෙනවා
Rap Verse
වට රවුමක් වගෙ උකුලෙ හැඩේ
කොට ගවුමක් උඹ ඇන්ඳම වැඩේ
රට මැවුමක් සුරඟනක වගේ
මට පියුමක් උඹ ලස්සන නඟේ
වත පෙවුනෙත් සඳ රැජිණ වගේ
හිත නැවුනෙත් ඔය රුවට මගේ
පත කන්ඳක් වගෙ ආලේ මෙහිතේ
රස හැන්ඳක් කමු ආදර බතේ
වැනියං කලු පද්ද පද්ද
එල්ලියං හිතෙ මැද්ද මැද්ද
කියපං හා නැද්ද නැද්ද
ආලකම් මට පොඩ්ඩ පොඩ්ඩ
සරසං සලු අන්ඳ අන්ඳ
පළඳං අපි මුද්ද මුද්ද
යනකං උඹ කැන්ඳ කැන්ඳ
ඉවසන්නද මන්ඳ මන්ඳ