සත්තයි ඔබ නැතිනම් මගේ

Saththai


සත්තයි ඔබ නැතිනම් මගේ Lyrics

කතාවයි ආදරේ අහගන්න රත්තරන්
පරාදයි ජීවිතේ ඔබ දුන්නු ගින්දරින්...//
සුදු කෙල්ලේ කියන්නම් දිවුරා හදවතින්
ආදරේනම් කලා මං මගේ පණ තරම්
සත්තයි ඔබ නැතිනම් මගේ හුස්මට තිත තියලා
නවතින්නම් මම රත්තරනේ ආයුබොවන් කියලා..//

අතීතේ වර්තමානයේ
ඔබේ රුව දෑස මානයේ
ගැටීලා ගෙවුනු කාලයේ
මතකයෙන්
හෙටක් නැති මේ ජීවිතේ
සදා විඳවයි අනාගතේ
ඔබේ සතුටයි මගේ හිතේ
පැතුමනම්
පපුව මැද්දේ ඔයා ඉන්නේ
දෙවියො විතරයි ඒක දන්නේ
නැවතුනත් මේ වැටෙන හුස්මේ
ලියවිලා ඇත්තේ ඔබෙ නමයි
සත්තයි ඔබ නැතිනම් මගේ හුස්මට තිත තියලා
නවතින්නම් මම රත්තරනේ ආයුබොවන් කියලා..//

එදා පිලිගත්ත ආදරේ
මෙදා බිලිගත්තෙ ජීවිතේ
දුකක් කඳුලක් මෙමා කෙරේ
ලංකරන්
මගෙන් වෙන්වෙන්න කාරණේ
තාම මට නෑ තේරුනේ
ඔබේ අවසාන තීරණේ
මට කියන්
පපුව මැද්දේ ඔයා ඉන්නේ
දෙවියො විතරයි ඒක දන්නේ
නැවතුනත් මේ වැටෙන හුස්මේ
ලියවිලා ඇත්තේ ඔබෙ නමයි
සත්තයි ඔබ නැතිනම් මගේ හුස්මට තිත තියලා
නවතින්නම් මම රත්තරනේ ආයුබොවන් කියලා..//

Video thumbnail