නන්නාදුනනා

Nannadunana 


නන්නාදුනනා Lyrics

නන්නාදුනනා මා වෙත කවි ලියනා
මගේ දෑස නුඹේ කරගත්තා
ඉදහිට දකිනා හැම රූ පරදවනා
ඔය රුව මගේ වෙන්න ඕනා කලා
නොලැබෙනා බවත් දැන දැනත් හදින්
ඔබ මගේ ලොවට ලංවෙලා
එක් දිනක් ඇවිත් හමුවෙලා ඉතින්
යනවදෝ හොරෙන් වෙන්වෙලා
හීනයක් හැබෑ නොවෙනා හැබෑ හීනයක්
ජීවිතේ කතා කරවනා හීනයක්

මිතුරෙක් ලෙසින් හෝ ලංවෙලා
ඉන්නවානම් කදුළක් වෙලා
වෙන් කරන්නේ කෙලෙසදෝ
ඔය හිත හැර වෙන හිතකට
නම් නෑ පෙම් කෙරුවේ
ඔය හිත ඇයි ඇවිදින් මා
හිත් දෙකකට බෙදුවේ
සඟවා ගන්න බෑ ආදරේ
ඔබ මායාව මේ ජීවිතේ

නන්නාදුනනා මා වෙත කවි ලියනා
මගේ දෑස නුඹේ කරගත්තා
ඉදහිට දකිනා හැම රූ පරදවනා
ඔය රුව මගේ වෙන්න ඕනා කලා
නොලැබෙනා බවත් දැන දැනත් හදින්
ඔබ මගේ ලොවට ලංවෙලා
එක් දිනක් ඇවිත් හමුවෙලා ඉතින්
යනවදෝ හොරෙන් වෙන්වෙලා
හීනයක් හැබෑ නොවෙනා හැබෑ හීනයක්
ජීවිතේ කතා කරවනා හීනයක්

Video thumbnail