ඇස් මායම්කාරී Lyrics
හිත නැලවෙනව මල්මලිය දුටු දා ඉදන්
නින්දක් ආවෙ නැතුවා තමා
නිල් සිලිලාර නයනියට මං මත්වෙලා
හැම රාත්‍රියෙ මල් මන්දිර තනා
ලස්සනයි ඒතරං අතාරින්න බැරිතරං
මගෙ වෙනවාද රන් කඳ ඔයා
ඇස්මායම්කාරී මාගේ හිත එකෙන්ම ගත්ත
රතුසායම් පුසුඹයි රෝසී කම්මුල් මල් පෙත්ත
සංචාරෙ යං ආදරේ මගෙ පණ්ඩිත කෙල්ල
සිකුරාගේ නැකතක් බලා මම බඳිනව තැල්ල
මට ලියැවෙනව රංගනියෙ කවි පිටු ගනන්
නිල්මානෙල් ඇස් උපමා දමා
සබකෝලේ සබන්බෝල සේ පිම්ඹිලා
බිඳෙනවනේ ඔය ඇස්අග ඇනී
ඒ වුණත් රත්තරං ඔයාමයි ඉස්තරං
මගෙ කරගන්නව කල් යල් බලා