නුරාසඳ

Nuraa Sanda


නුරාසඳ Lyrics

නුරා සඳ ආලේ රහස් ලියා ළයේ පෙම් හීන මවා තියා
නුඹ ලඟ නැවතී හැඟුමන් රහසේ නුඹෙන් උණුහුම් වුනා
හදේ සිත්තම් වෙලා ඔයා ළදේ නුඹගෙන් දුරක් නොයා
මගෙ නෙත් මානේ නුඹ රුව ගෙත්තම් වෙලා සසරේ පුරා සොයා

හැඟුමන්ද රහසේ මේ දැනෙන්නේ නුඹේ
පායන්න මා ලඟ සඳක් වී ප්‍රියේ
හදේ මැවෙන වාරේ රුව නුඹෙන් මා නිවේ
දෑස ඈ සොයාලා හීනයේ රූ මවා
යාවෙලා ප්‍රේමේ කාරණා මා හා

මේ හැඟුමේ යාවී මා ආදරේ නුඹෙ විඳිනා
සංසාරේ පුරුදුයි මා නුඹව හද දැන වුන්නා
මට ඉඟියක් රහසින් දැනුනා නුඹ එනවා ලංවීලා
හිත නෑ තව දුර යන්නේ මා ඈ ගාවින් නැවතිලා
සඳ වී ඈ මාගේ ආකහේ හැම භවයේ පුරා

නුරා සඳ ආලේ රහස් ලියා ළයේ පෙම් හීන මවා තියා
නුඹ ලඟ නැවතී හැඟුමන් රහසේ නුඹෙන් උණුහුම් වුනා
හදේ සිත්තම් වෙලා ඔයා ළදේ නුඹගෙන් දුරක් නොයා
මගෙ නෙත් මානේ නුඹ රුව ගෙත්තම් වෙලා සසරේ පුරා සොයා

හැඟුමන්ද රහසේ මේ දැනෙන්නේ නුඹේ
පායන්න මා ලඟ සඳක් වී ප්‍රියේ
හදේ මැවෙන වාරේ රුව නුඹෙන් මා නිවේ

දෑස ඈ සොයාලා හීනයේ රූ මවා
යාවෙලා ප්‍රේමේ කාරණා මා හා...

Video thumbnail