ආ සුයිටි පැටියො අක්කි බබා
කියලා කතා කරාට
චීස් ගෑස් කටුව නිකන් දාලා පදිරි උනාට
අතන මෙතන බුකියෙ රඟන
නමින් සුපිරි උනාට
අහුවෙන්නා අපි ඔය කොල්ලන්ට
මං තාම සූටියිනෙ
තනිකඩ ගින්දර වගෙ කොල්ලෙක් නම්
තාලෙට සොමිය අරන් ගින්දර වගෙ වැඩ දෙන්නම්
තාලෙට නටමු ඉතිං
ගින්දර වගෙ කොල්ලෙක් නම් තාලෙට සොමිය අරන්
ගින්දර වගෙ වැඩ දෙන්නම්
තාලෙට නටමු ඉතිං
අක්කි අක්කි අහන්න
මේ මල්ලි බබා දෙස බලන්න
බඹරට කලින් ඇයි හදිස්සි උනද
සුන්දර මල පිපෙන්න
දෙන්නෙ මල්ලි හොම්බ තැලෙන්න
පොඩි එකා පොඩි එකා
වගෙ හිටියොතින්
ඇඟට ගුනයි මේ මල්ලිට
නුඹෙ නටුවෙ කටුවෙන් අනින්න එපා
මේ පුංචි හිතට රිදෙන්න
තහංචි නම් එපා දමන්න උරච්චි වෙන්න හඩකට
උද්දච්චි වෙන්නම ඕනමද
දැක්කම නුබෙ විශ්කම්බ
බේබි එයිටි තර්ස්ට නම්බර්
මල්ලි තලා ගන්න නම් එපා හොම්බ
අම්බො ඔයාගෙ ආලෙ ගනම්ද
අනෙ පැංචෝ
මලසමයම් නෑ මේ මගෙනම්
අපි රොකට් වගෙ හඳට යන්නෙ ඇයිද කියාපන්
දඟ වැඩ කෝලම් හුරතල් නෑ මං
ඒ ඇල් වතුරත් නිවලා බොන්නෙ නානනනනන්
සුයිටි අක්කි බබා වාගේ චාටු කතා කියලා
ආදරේට ලෝබ වෙලා නම්
උලාලෙ ලලයි ලිලා කියලා සොමිය පතා
යන්නේ අයින් වෙලා මං
ආ සුයිටි පැටියො අක්කි බබා
කියලා කතා කරාට
චීස් ගෑස් කටුව නිකන් දාලා පදිරි උනාට
අතන මෙතන බුකියෙ රඟන
නමින් සුපිරි උනාට
අහුවෙන්නෑ අපි ඔය කොල්ලන්ට
මං තාම සූටියිනෙ
තනිකඩ ගින්දර වගෙ කොල්ලෙක් නම්
තාලෙට සොමිය අරන් ගින්දර වගෙ වැඩ දෙන්නම්
තාලෙට නටමු ඉතිං
ගින්දර වගෙ කොල්ලෙක් නම්
තාලෙට සොමිය අරන්
ගින්දර වගෙ වැඩ දෙන්නම්
තාලෙට නටමු ඉතිං