සිත අනන්තයේ රැඳිලා
සඳ සේ දිලුණා
දිලුණා දිලුණා දිලුණා
ජීවිතයේ කවුළු
හැම වසන්තයේ
අපි තුරුළු වෙවී වින්දා
වින්දා වින්දා වින්දා
උමතු වූ කදුළු
සුළි කුණාටුවක් වී
විනාශයක් මැවුණා
මැවුණා මැවුණා මැවුණා
රකුසු වෙස් මකුළු
ඉඩෝරයේ
රළු පොලවක් සේ දැවුණා
දැවුණා දැවුණා දැවුණා
වේදනා බුබුලු
දූවිලි කුණාටුවේ පාවෙන
සුර කුමාරියේ
ඇසුණා හැම කතා බහේ
පිරිහී ඔබ සමාජයේ
මා නොසිතූ විරාමයේ
නවතීමට ළඟා වුණේ
මායා නෙත තරාදියේ
තියලා ඔබ පලාගියේ
සිත අනන්තයේ රැඳිලා
සඳ සේ දිලුණා
දිලුණා දිලුණා දිලුණා
ජීවිතයේ කවුළු
හැම වසන්තයේ
අපි තුරුළු වෙවී වින්දා
වින්දා වින්දා වින්දා
උමතු වූ කදුළු
සුළි කුණාටුවක් වී
විනාශයක් මැවුණා
මැවුණා මැවුණා මැවුණා
රකුසු වෙස් මකුළු
ඉඩෝරයේ
රළු පොලවක් සේ දැවුණා
දැවුණා දැවුණා දැවුණා
වේදනා බුබුලු
පාවෙන වලා තිරේ
සද බාගෙට ගිලී ගියේ
ඔබ නැති මේ නුරා රැයේ
ගිම්හානය පවා සැලේ
දෑස පුරා ඇඳුණා
කැලඹූ සිතුවිලි සේනා
දින් තාරු සෙනේ දියවී
සංසාරේ පුරා මැවුණා
සිත අනන්තයේ රැඳිලා
සඳ සේ දිලුණා
දිලුණා දිලුණා දිලුණා
ජීවිතයේ කවුළු
හැම වසන්තයේ
අපි තුරුළු වෙවී වින්දා
වින්දා වින්දා වින්දා
උමතු වූ කදුළු
සුළි කුණාටුවක් වී
විනාශයක් මැවුණා
මැවුණා මැවුණා මැවුණා
රකුසු වෙස් මකුළු
ඉඩෝරයේ
රළු පොලවක් සේ දැවුණා
දැවුණා දැවුණා දැවුණා
වේදනා බුබුලු
දූවිලි කුණාටුවේ පාවෙන
සුර කුමාරියේ
ඇසුණා හැම කතා බහේ
පිරිහී ඔබ සමාජයේ
මා නොසිතූ විරාමයේ
නවතීමට ළඟා වුණේ
මායා නෙත තරාදියේ
තියලා ඔබ පලාගියේ