පිච්ච මල් වැස්සකින්

Pichchamal Wassakin


පිච්ච මල් වැස්සකින් Lyrics

පිච්චමල් වැස්සකින් අපෙ ආදරේ තෙත් උනා
රිදී දිය වැහි පොදේ සීතල හදේ ගෑවුනා //
ජිවිතේ මොහොතකින් වෙනස් වී හැරෙද්දී
අරමුණක් සිතුමිණක් දෝතෙහී රැදෙද්දී
පිච්චමල් වැස්සකින්...

හැරුනු මල් මොහොතකින්
අහක යයි බල බලා..
ඔය කොපුල් මේ දෙතොල්
වල ගැටී ලං වෙලා..
ආදරේ උපදින යොවුන් තිඹිරිගේ මේ තමා
නෙත් බැදී හිත් ඇදී ආදරේ ගලනවා
ජීවිතේ ඔබ ලගයි හැදින්නේ සිතැත්තී
ආදරේ ඔබ නිසයි දැනෙන්නේ මුවැත්තී

ආදරේ අංශුවක් මුලු ජීවිතේ හිතෙන දා
සීරුවෙන් මේ හැගුම් හද ගෙත්තමක් මවනවා
ජිවිතේ ඔබ ළගයි හැදින්නේ සිතැත්තී
ආදරේ ඔබ නිසයි දැනෙන්නේ මුවැත්තී

පිච්චමල් වැස්සකින්... //

Video thumbnail