සැඩ වරුසා

 Seda Warusa


සැඩ වරුසා Lyrics

හමුවෙන්නට ආයේ
තව දවසක් සොයනෙමි සංසාරේ
හුස්මත් මදි වාගේ
තවමත් නුඹ සිහිවන හැමවාරේ

මැකිලා මන්දාසේ
දැනෙනා තනිකම රහසේ
ගෙවිලා ගිය කාලේ
රිදෙනා මතකය නුඹගේ

සැඩ වරුසා ඇද හැලුනා
නුඹ ගියදා අහසින් මැකීලා
ලඟ නැතිදා උමතු වෙලා
මග බලනා සිහිනෙන් දැවීලා

තුරුලත දැවටීලා ගෙවුනා කාලය නොදැනී මා
තනිකම හිමිවීලා ගියදා නිහඬව හැරදා
ආදරයක මා හිමි නොවනා
හමනා සුලඟ පවා කවි කියනා

හමුවෙන්නට ආයේ
තව දවසක් සොයනෙමි සංසාරේ
හුස්මත් මදි වාගේ
තවමත් නුඹ සිහිවන හැමවාරේ

මැකිලා මන්දාසේ
දැනෙනා තනිකම රහසේ
ගෙවිලා ගිය කාලේ
රිදෙනා මතකය නුඹගේ

සැඩ වරුසා ඇද හැලුනා
නුඹ ගියදා අහසින් මැකීලා
ලඟ නැතිදා උමතු වෙලා
මග බලනා සිහිනෙන් දැවීලා

Video thumbnail