චායි වලා චයි චයි චායි වලා..//
මන බන්දන සුරුපි අඟනකි ඈ සරාගි
වනා උකුල වනාවි ඈ විමනයෙන් වඩීවී
නිලියකි ඈ කලාවේ සිකුරුලියා හඳහනේ
ලතා මඩුලු රටාවේ රූපෙටයි මගෙ මනාපේ
චායි වලා චයි චයි චායි වලා...////
අඹර දඹර නාඹර ඇල්ල වගෙ ලියෙ නුඹෙ ආදර බැල්ම
සමගි විරගි සාගර රැල්ල මම පැගුවා සාරියෙ රැල්ල
ඔය ඇඹරිල්ල ඔය දැගලිල්ල ඔය නැටවිල්ල නුඹෙ කියවිල්ල
මට ගැලපිල්ල උනා නුඹෙ කෙල්ල ඔයා ලඟ තමා මගෙ සැනසිල්ල
නලඟන රූ සරාගී ඇගෙ උකුලට සිතාසී
මායාවකි මනාලී හදපාලා ඈ සිනාසී
රූමස්සල කුමාරි මට සින්නක්කර ලියාවී
සුන්නත්දූලී කරාවී මා කැන්දායමි හබිබී
චායි වලා චයි චයි චායි වලා...////
කෙල්ලෙ නුඹ සුපිරිලියා උකුලු මුකුලු කැකුලු සිනා
ඔය නිතඹද නිතර සලා අනඟ රැඟුම රඟති රඟා
මලකෝලම් පුරසාරම් දඟරවලිගෙ නුඹ නාඩම්
හැට මායම් මනමාලම් බොරුව නැතුව වැඩ දාපන්
මන බන්දන සුරුපි අඟනකි ඈ සරාගි
වනා උකුල වනාවි ඇ විමනෙන් වඩීවී
නිලියකි ඈ කලාවේ සිකුරුලියා හඳහනේ
ලතා මඩුලු රටාවේ රූපෙටයි මගෙ මනාපේ
චායි වලා චයි චයි චායි වලා...////
චායි වලා චයි චයි චායි වලා...////