පිච්ච මලේ

Pichcha male (Chuttamalle)


පිච්ච මලේ Lyrics

පිච්ච මලේ සුවඳ දිගේ පෙම් කවි ලියපූ
ඔබ මගෙ සිහිනයෙ කුමරූ
වරු ගානක් බලන් ඉඳල මම නිදි මරපූ
අදයි දවස හැබැවින් පතපූ

[Chorus]
රෑ නිදි නැතිව තැවීලා
සිත ඔබවම සොයලා
සඳ තරු පිරි අඳුර මකාලා
මා සිත ඔබට පුදාලා
මීදුම් සලුවක ඔතලා
තෙලි තුඩකින් හැඩ සිත්තම් දාලා

[Verse 2]
ඇයි මේ හැගුමන් මේ හැගුමන් මට නුඹ හින්දා
නුබව දුටු දිනේ (හා)
හිත අළු වී දැවීලා
නපුරු පුරුට්ටා
මගේ හිත ගෙන ගිය කුරුල්ලා
නුබව දුටු දිනේ (හා)
මගෙ සුසුම නැවතුනේ

[Chorus]
පිච්ච මලේ සුවඳ දිගේ
(හා සුවඳ දිගේ)
පිච්ච මලේ සුවඳ දිගේ
(හා හරරරේ)
පිච්ච මලේ සුවඳ දිගේ පෙම් කවි ලියපූ
ඔබ මගෙ සිහිනයෙ කුමරූ

[Instrumental]

[Verse 3]
මී පැණි පොද වාගෙ ඔබේ වදනේ සවනේ
ඇසෙනා තුරා මගේ කන් පෙති නැලැවේ
වැස්සක් වගේ හිත නිවනා ඔබේ සිනාවේ
දැන්වත් නොතේරෙයිද මගේ ආදරේ
වද නොදී ඉඟි කරලා
හිත මගෙ ගුලිවෙලා
දැන්වත් තුරුලට ගෙන දෙන්න ආදරේ

[Verse 2]
ඇයි මේ හැගුමන් මේ හැගුමන් මට නුඹ හින්දා
නුබව දුටු දිනේ (හා)
හිත අළු වී දැවීලා
නපුරු පුරුට්ටා
මගේ හිත ගෙන ගිය කුරුල්ලා
නුබව දුටු දිනේ (හා)
මගෙ සුසුම නැවතුනේ

[Verse 4]
ඇයි මේ හැගුමන් මේ හැගුමන් මට නුඹ හින්දා
නුබව දුටු දිනේ (හා)
හිත අළු වී දැවීලා
නපුරු පුරුට්ටා
මගේ හිත ගෙන ගිය කුරුල්ලා
නුබව දුටු දිනේ (හා)
මගෙ සුසුම නැවතුනේ

[Chorus- harmony ]
පිච්ච මලේ සුවඳ දිගේ
(හා සුවඳ දිගේ)
පිච්ච මලේ සුවඳ දිගේ
(හා හරරරේ)
පිච්ච මලේ සුවඳ දිගේ පෙම් කවි ලියපූ
ඔබ මගෙ සිහිනයෙ කුමරූ

Video thumbnail