කලු කොල්ලා

Kalu kolla 


කලු කොල්ලා Lyrics

ගින්දර ඇස් දෙක දැක්කම මං
ආදරෙ ගැන හිතුවා
උත්තර නැති තැන නැවතිලා මං
ආගිය තැන් ඇහුවා
පුංචිම කම්මුල ළංකරලා
හාදුවකුත් ගත්තා
පත්තර පිටුවක ගුලිකරලා
නොම්බරයක් දුන්නා

කතාවක් නෑනේ හිනාවෙන් මූනේ
ඔබටම වහ වැටුනා
සරාගී රූපේ නුරා කැන් වෑහේ
ඔඹ මගෙ කලු කොල්ලා
ඔඹ මගෙ කලු කොල්ලා

දෙතොල් වින්දාවේ හැඟුම් උන්මාදේ
වෑහෙන්නේ නෙතු මාගේ ආදරයෙන් පිරිලා
රුවක් වින්දානේ දැහැන් සන්තානේ
හිතෙන්නේ ඔබ මාගේ ජීවිතයයි කියලා

කොච්චර බැලුවත් ළඟට වෙලා
ආදරේ නෑ කිව්වේ
මෙච්චර ආඩම්බරද ඔයා
විහිළුවටයි රැව්වේ

කතාවක් නෑනේ හිනාවෙන් මූනේ
ඔබටම වහ වැටුනා
සරාගී රූපේ නුරා කැන් වෑහේ
ඔඹ මගෙ කලු කොල්ලා
ඔඹ මගෙ කලු කොල්ලා

විඩාවක් නෑනේ කතාවෙන් ප්‍රේමේ
හොයන්නේ හැම වේලේ උණුහුමක් එතිලා
මුසාවක් නෑනේ එයා දැන් නෑනේ
පතන්නේ හැම හීනේ ඔබම ඒ කියලා

කොච්චර බැලුවත් ළඟට වෙලා
ආදරේ නෑ කිව්වේ
මෙච්චර ආඩම්බරද ඔයා
විහිළුවටයි රැව්වේ

කතාවක් නෑනේ හිනාවෙන් මූනේ
ඔබටම වහ වැටුනා
සරාගී රූපේ නුරා කැන් වෑහේ
ඔඹ මගෙ කලු කොල්ලා
ඔඹ මගෙ කලු කොල්ලා

Video thumbnail