Abimananiya wu nawodaye

Abimananiya wu nawodaye

ivor dennis
Abimananiya wu nawodaye Lyrics

අභිමානනීය වූ නවෝදයේ
හිරු  හෙට උදයේ පායනවා..
සැකයේ පිනිබිඳු සිඳිලා යනවා
අලුත්‌ දැයක්‌ හෙට උපදිනවා..

අභිමානනීය වූ නවෝදයේ
හිරු හෙට උදයේ පායනවා..
සැකයේ පිනිබිඳු සිඳිලා යනවා
අලුත්‌ දැයක්‌ හෙට උපදිනවා..

ලංකා අපගේ ජන්ම භූමියයි
අපේ ප්‍රාණ වායුව ලංකා..
ලංකා අපගේ මාතෘ භූමියයි
අපේ ස්වර්ග ලෝකය ලංකා..

ලංකා අපගේ සාර භූමියයි
අපේ පරම ශක්තිය ලංකා..
ලංකා අපගේ දීප දීපයයි
අපේ ඥාන ශක්තිය ලංකා..

අනුරාපුරයේ පොළොන්නරුවේ හා
සීගිරියේ සුන්බුන්‌ අතරේ..

අනුරාපුරයේ පොළොන්නරුවේ හා
සීගිරියේ සුන්බුන්‌ අතරේ..
සිංහල නැණබල.. සිරුරේ සවිබල
හැංගී ඇති සැටි බලා ඇදෙව්...

අභිමානනීය වූ නවෝදයේ
හිරු හෙට උදයේ පායනවා..
සැකයේ පිනිබිඳු සිඳිලා යනවා
අලුත්‌ දැයක්‌ හෙට උපදිනවා..

කම්හල්‌ ඇතුලේ යදම්‌ යකුළු හා
ගිගුම්‌ දිදී බමවා කැරකී..

කම්හල්‌ ඇතුලේ යදම්‌ යකුළු හා
ගිගුම්‌ දිදී බමවා කැරකී..
අහසේ කුළු දුම්‌ වලා සැදීලා
වසිනා ආසිරි වැස්ස බලවී...

අභිමානනීය වූ නවෝදයේ
හිරු හෙට උදයේ පායනවා..
සැකයේ පිනිබිඳු සිඳිලා යනවා
අලුත්‌ දැයක්‌ හෙට උපදිනවා...

Video thumbnail