අද වෙයි ඉරු දින.. ඔබ හමුවේවිද
ඔබ හා බැඳි හද.. අද නොතැවේවිද
මගෙ හද විල මැද.. සැලෙන ඕලු කොඳ
අද සුපිපේවිද.. මගෙ සිත තුටු වේවිද
අද වෙයි ඉරු දින.. ඔබ හමුවේවිද
ඔබ හා බැඳි හද.. අද නොතැවේවිද
මගෙ හද විල මැද.. සැලෙන ඕලු කොඳ
අද සුපිපේවිද.. මගෙ සිත තුටු වේවිද
සතියේ දින හත.. ගැන ගැන මගෙ සිත
ඉරිදා දින මත.. පැතුම් රැඳී ඇත
සඳ පායන තුරු.. කුමුදු පිපෙන තුරු
මම ඉමි නිරතුරු.. එන ඉරිදා වනතුරු
අද වෙයි ඉරු දින.. ඔබ හමුවේවිද
ඔබ හා බැඳි හද.. අද නොතැවේවිද
මගෙ හද විල මැද.. සැලෙන ඕලු කොඳ
අද සුපිපේවිද.. මගෙ සිත තුටු වේවිද
ඔබෙ සියුමැලි වත.. පණ ගන්වයි සිත
පැටලී හදවත.. සැමදා පවතිනු ඇත
ඉරිදා දිනකට.. ඇති මගෙ සහතික
මැන බර කිරුමට.. හැකි වේවිද කෙනෙකුට
අද වෙයි ඉරු දින.. ඔබ හමුවේවිද
ඔබ හා බැඳි හද.. අද නොතැවේවිද
මගෙ හද විල මැද.. සැලෙන ඕලු කොඳ
අද සුපිපේවිද.. මගෙ සිත තුටු වේවිද
අද වෙයි ඉරු දින.. ඔබ හමුවේවිද
ඔබ හා බැඳි හද.. අද නොතැවේවිද
මගෙ හද විල මැද.. සැලෙන ඕලු කොඳ
අද සුපිපේවිද.. මගෙ සිත තුටු වේවිද