ආදර සීනුව පෙම් ලොව දොර ළඟ රැව්දෙන්නේ...
ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ...
ලස්සන හදවත් පමණයි ආලය හඳුනන්නේ..
මේ ආදරයට යා හැකි දුර නෑ මා දන්නේ..
ආදර සීනුව පෙම් ලොව දොර ළඟ රැව්දෙන්නේ...
ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ...
ලස්සන හදවත් පමණයි ආලය හඳුනන්නේ..
මේ ආදරයට යා හැකි දුර නෑ මා දන්නේ..
කාගේ වේවා ලේ එක වාගේ දිස්වන්නේ..
අහසයි මුහුදයි ළංවී දෙනුවන් රවටන්නේ..
ආලය මායා සිහිනය මේ දෝ නැහැ දන්නේ..
කාලය විසඳුම් දෙනතුරු ඉන්නද සිදුවන්නේ..
ආදර සීනුව පෙම් ලොව දොර ළඟ රැව්දෙන්නේ...
ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ...
ලස්සන හදවත් පමණයි ආලය හඳුනන්නේ..
මේ ආදරයට යා හැකි දුර නෑ මා දන්නේ..
සංසාරේ හුරු සුවඳයි මට ඈ ගෙන එන්නේ..
මාගේ දුප්පත් කමටයි ලොව එදිරව ඉන්නේ..
ජයටැඹ පෙනුනත් ජය හිමි වේදෝ නැහැ දන්නේ..
යා යුතු මාවත කොයි අත වේදෝ නෑ දන්නේ..
ආදර සීනුව පෙම් ලොව දොර ළඟ රැව්දෙන්නේ...
ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ...
ලස්සන හදවත් පමණයි ආලය හඳුනන්නේ..
මේ ආදරයට යා හැකි දුර නෑ මා දන්නේ..