Adaraye Ulpatha Wu Amma

Adaraye Ulpatha Wu Amma

victor rathnayake
Adaraye Ulpatha Wu Amma Lyrics

ආදරයේ උල්පත වු අම්මා
මා ඔබගේ පුතු වූ..
ඔබ මතු බුදුවන දවසේ..
මා රාහුල කුමරුන් සේ..
සෙවණ පතා.. අද මෙන්‌ පැමිණෙන්නෙම්‌
සුළැඟිල්ලේ එල්ලී..

සඳ දිය කොට.. කිරි වතුරෙන්‌
ඒ දියරෙන්‌ මුව දෝවා..
දිව මතුරක්‌ වන්‌ නැළැවිලි ගීයෙන්‌
මතකයි මා.. නැළැවුවා..
ජීවිතයෙන්‌ ජීවිතයක්‌ ගෙනදි
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා..

ආදරයේ උල්පත වු අම්මා
මා ඔබගේ පුතු වූ..
ඔබ මතු බුදුවන දවසේ..
මා රාහුල කුමරුන් සේ..
සෙවණ පතා.. අද මෙන්‌ පැමිණෙන්නෙම්‌
සුළැඟිල්ලේ එල්ලී..

තුරුලට ගෙන අත්‌ පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන්‌ ගැබේ..
සිහිනෙන්‌ ගෑ.. සුවඳක්‌ මෙන්‌
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ..
දවසින්‌ දවසට සෙනෙහස ලබැඳි
ගෙනදි දිවියට නව පණ ලැබ දී
මා දැඩි කල අම්මා..

ආදරයේ උල්පත වු අම්මා
මා ඔබගේ පුතු වූ..
ඔබ මතු බුදුවන දවසේ..
මා රාහුල කුමරුන් සේ..
සෙවණ පතා.. අද මෙන්‌ පැමිණෙන්නෙම්‌
සුළැඟිල්ලේ එල්ලී..

Video thumbnail