Adare Lyrics
ඇසේ.... දැවටෙන සුළඟ ආයෙත්
වැළඳ ගන්නට හිතෙනවා.......
හිතේ.... තෙරපෙන දහක් සිතිවිලි කියාලන්නට හිතෙනවා...
ඔහේ පාවුනු ජීවිතේ දැන් මගේමයි මට හැඟෙනවා...
ආදරේ..ඒ.. ආදරේ... මගෙන් මං ගැන අහනවා...
මගෙන් මං ගැන අහනවා......
සුළං රැල්ලේ දැවටිලාවත්
ඇවිත් යන්නට හිතෙනවා...
නළල් තලයට දෙතොල් ලංකර
හාදු දෙන්නට හිතෙනවා...
පියානොපියෙන නෙතුපියන්යට
ඔබේ රූපය මැවෙනවා...
ආදරේ..ඒ.. ආදරේ...
මගෙන් මං ගැන අහනවා...
ආදරේ..ඒ.. ආදරේ...
මගෙන් මං ගැන අහනවා...
සුසුම් අතරේ නිදන්ගත පෙම
හිතේ පත්ලට දැනෙනවා...
ඔබෙන් දුර හිඳ ගෙවෙන මොහොතක්
කල්පයක් සේ හැඟෙනවා...
කියා නොකියූ පෙම්හැඟුම්රස
හදේ උතුරා ගලනවා...
ආදරේ..ඒ.. ආදරේ...
මගෙන් මං ගැන අහනවා...
ආදරේ..ඒ.. ආදරේ...
මගෙන් මං ගැන අහනවා..