ආදරේ හදේ රුවා ජීවිතේට සහනේ

adare hade ruwa re surupiyani

Athula Adikari
ආදරේ හදේ රුවා ජීවිතේට සහනේ Lyrics

ආදරේ හදේ රුවා.. ජීවිතේට සහනේ
වාසනා ගෙනා නිසා.. මා ඔබේය ළඳුනේ
තව රෝස මල්‌ වගේ ළඳුන්‌.. ආදරේ කියා ඇතත්‌
මා දිහා සිනා සලා.. නෑ මුලාවේ වැටුණේ
ආදරේ කියූ සැණින්‌.. මා මනාප නොවුනේ

මා ඔබේ ළඟ ඉන්නේ.. කිසිදාක නෑ වෙන්වන්නේ
මා සන්සිඳවූ සුවේ.. මේ නිම්‌ නැති ආදරේ
සුර දූතිකාවියන්‌ ඇතත්‌.. මා නැතේ වශී වුණේ

ආදරේ හදේ රුවා.. ජීවිතේට සහනේ
වාසනා ගෙනා නිසා.. මා ඔබේය ළඳුනේ
තව රෝස මල්‌ වගේ ළඳුන්‌.. ආදරේ කියා ඇතත්‌
මා දිහා සිනා සලා.. නෑ මුලාවේ වැටුණේ
ආදරේ කියූ සැණින්‌.. මා මනාප නොවුනේ

මා හද සනසන ආදරේ.. සැමදා මා ඔබ ළඟ තනියේ
ඔබ දැකුමයි ඒ සැනසීම මගෙ.. මා සිතින්‌ ඔබ නෑ මැකුණේ
තව රූ සුරූපියන්‌ ඇතත්‌.. මා නැතේ වශී වුණේ

ආදරේ හදේ රුවා.. ජීවිතේට සහනේ
වාසනා ගෙනා නිසා.. මා ඔබේය ළඳුනේ
තව රෝස මල්‌ වගේ ළඳුන්‌.. ආදරේ කියා ඇතත්‌
මා දිහා සිනා සලා.. නෑ මුලාවේ වැටුණේ
වාසනා ගෙනා නිසා.. මා ඔබේ.. ළඳුනේ

Video thumbnail