ආදරේ මිය නොයයි

Adare Miya Noyai (


ආදරේ මිය නොයයි Lyrics

ලස්සන හිනාවක් දුක් බර කතාවක්
ලියලා ඉගිල්ලි යන්නට ගියා
ආදරයේ සුවදක් මට ආයේ දැනුනත්
ඔබේ සුවද මත්තේ මා සිරවෙලා
උරහිසේ හිස තියා ඔබ ගැයූ ගීතිකා
හදවතේ ඇත ලියවිලා...
ආදරේ මිය නොයයි කිසිම දා...අකාලේ පර උනත් අපේ කතා
කල්පයක් ගත උනත් ඔබ දිහා...දුර ඉදන් මං බලා ඉන්නවා...

මේ සද නිවෙන්න මේ හිරු නිවෙන්න
මං ආස දැන් අන්දකාරයකට
මේ අහස පොලව වාගේ හිදින්න
ඇයි හමුවුනේ පෙම්වතුන් ලෙස අප
උරහිසේ හිස තියා ඔබ ගැයූ ගීතිකා
හදවතේ ඇත ලියවිලා...
ආදරේ මිය නොයයි කිසිම දා...අකාලේ පර උනත් අපේ කතා
කල්පයක් ගත උනත් ඔබ දිහා...දුර ඉදන් මං බලා ඉන්නවා...

Video thumbnail