ආදරේ ඔබ මා හට ඇතිද කියා..

Adare Oba Ma Hata Athida Kiya

mariazelle goonetilleke
ආදරේ ඔබ මා හට ඇතිද කියා.. Lyrics

ආදරේ ඔබ මා හට ඇතිද කියා..
මා සිතේ සැකයක්‌ ඇත ඉපදීලා..
මාව දමා මෙහි තනි කරලා
ඔබ යයි දෝ වෙන්වීලා..
ආදරේ දුක්‌ වේදනා
ඔබ දෙයි දෝ මට මතුදා..

ආදරේ ඔබ හට කෙතරම්ද කියා..
ගීතයෙන්‌ කියනෙමි ඔබ හට පහදා..
මේ දිවියේ අවසානේ තුරා
මම ඉන්නම්‌ ළංවීලා..
ආදරේ දුක්‌ වේදනා
මා දෙන්නේ නෑ කිසිදා..

මහ මුහුදේ යන අතරේ..
මම මුහුදට වැටුණෝතින්‌
මම කිමිදීලා දිය යට ගිලිලා
ඔබ බේරන්‌ ගොඩ එනවා

මහ කැලයේ යන විටදී..
හොරු රැලකට අසුවේ නම්
සටනට වැදිලා උන්‌ එලවාලා
ඔබ බේරන්‌ මම එනවා

ආදරේ ඔබ මා හට ඇතිද කියා..
මා සිතේ සැකයක්‌ ඇත ඉපදීලා..
මාව දමා මෙහි තනි කරලා
ඔබ යයි දෝ වෙන්වීලා..
ආදරේ දුක්‌ වේදනා
ඔබ දෙයි දෝ මට මතුදා..

වෙන රටකට හිත ඇදිලා..
මා අමතක කෙරුවෝතින්‌
රූ ලලනාවෝ හිටියත්‌ කෙතරම්
මම ඔබ සොයලා එනවා

ඔබෙ මවුපියෝ එරෙහි වෙලා..
ඔබ මා හැරදා ගියෝතින්‌
මේ මුළු ලෝකෙම එරෙහිව ආවත්‌
මම ඔබ කැන්දා යනවා

ආදරේ ඔබ මා හට ඇතැයි කියා..
මා සිතේ සැක දැන්‌ ඇත දුරු වීලා..
මේ දිවියේ අවසානේ තුරා
අපි ඉඳිමු එක්වීලා..
ආදරෙ දුක්‌ වේදනා
මතු වන්නේ නෑ කිසිදා..

ලාල ලලලා.. ලා ලල ලා ලල ලා..
ලාල ලලලා.. ලා ලල ලා ලල ලා..

මේ දිවියේ අවසානේ තුරා
අපි ඉඳිමු එක්වීලා..
ආදරෙ දුක්‌ වේදනා
මතු වන්නේ නෑ කිසිදා..

ලාල ලලලා.. ලා ලල ලා ලල ලා...

Video thumbnail