ආදරේ පාට දෑසක්

ADARE PATA DAASAK


ආදරේ පාට දෑසක් Lyrics

ආදරේ පාට දෑසක්
ඒ දෑස කියන රහසක්
අහගන්න වින්දින වෙහසක්
ඔබ තාම දන්නෙ නෑ
ඔබ තාම දන්නෙ නෑ//

මේ අහස යටම දවසක්
ඔබ ලගින් ඉන්න මොහොතක්
එනතුරා විඳින ලතැවුල්
ඔබ තාම දන්නෙ නෑ

මටම අයිති නූනත්
කා ලඟින් කොහොම හිටියත්
මේ තරම් බැඳෙන කරුණත්
මං පවා දන්නෙ නෑ
මට හිතා ගන්න බෑ

ආදරේ පුදුම දහමක්
හිත හදන භාවනාවක්
ඔබ මිසක වෙනත් කව්රුත්
මට කියා දුන්නෙ නෑ

ගායනය-අංජලී හේරත්
ගී පද -නාරද විජයසූරිය
තනුව -නුරාධ අබේසිංහ,

Video thumbnail