ආදරේ තරම් (දෙනුවන් අගට රහසෙ) Lyrics
ආදරෙ තරම් කියාගන්න බැරි වූ නිසා....
ජීවිතේ පැතුම් රහසේම වියැකී ගියා...
රහසේම කවුදෝ ඉක්මන් වෙලා.....
හඩවාල මගෙ දෑස ඔබ ගෙන ගියා....
දැන උන්නනම් ආදරේ ඔබ යන්නෙ නෑ මා දමා.....️
දහසක් පැතුම් රහසෙ සිරකොට තබා
මා පෙම් කලේ සිතින් සුසුම් දරා
මා තුරුලෙ ඔබ උන්නා හීනෙන් පවා
ඇයි ඉන්නෙ හොර රහස්සෙ මා රිදවලා
දැන උන්නනම් මේ ආදරේ ඔබ යන්නෙ නෑ මා දමා
දෙනුවන් අගට රහසෙ කඳුලැල් උනා
ඔබ ගැනම රෑ තිස්සෙ සිහිපත් කලා
මා පෙම්කල බව තාම නොදනී ඔයා
අදටත් සිතින් මා ඔබේ පෙම්වතා
දැන උන්නනම් මේ ආදරේ ඔබ යන්නෙ නෑ මා දමා
ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා
ජීවිතේ පැතුම් රහසේම වියැකී ගියා
රහසේම කවුදෝ ඉක්මන් වෙලා
හඬවාලා මගෙ දෑස ඔබ ගෙන ගියා
දැන උන්නනම් ආදරේ ඔබ යන්නෙ නෑ මා දමා