ආදරියේ රුචිරාණනියේ Lyrics
ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව සෝකේ..
වැළපෙනවා මා අද හිරගේ..
ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව සෝකේ..
වැළපෙනවා මා අද හිරගේ..
ආදරියේ රුචිරාණනියේ
මගෙ ආදරියේ සුව නින්දේ
රස සිහින වැලේ එතිලා..
හමනා සුළඟද මේ එන්නේ
කවදද ඇයගේ මුව කමලේ
ඔද වැඩන සිනා රසයේ..
ගිලිලා යළි මා සැනසෙන්නේ..
ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව සෝකේ..
වැළපෙනවා මා අද හිරගේ..
ආදරියේ රුචිරාණනියේ
හා හා ඇයි මේ සතුරු නල මැද
කඳුළු පෙරා සිහලුන් මෙලොවේ
නෑ නෑ ළත වෙන්නේ..
බල පා.. තෙද පා.. දැඩි එඩි පා
මේ යදම් කඩා පුපුරා යන සේ
කකියා ඇයි රුධිරේ..
ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව සෝකේ..
වැළපෙනවා මා අද හිරගේ..
ආදරියේ රුචිරාණනියේ