ඇදී යන්නේ මේ දිගන්තේ

adi yanne me diganthaye maruthe hapi

Dhanith Sri
ඇදී යන්නේ මේ දිගන්තේ Lyrics

වූ..

ඇදී යන්නේ.. මේ දිගන්තේ.. මාරුතේ හැපී..
මන්දාකිණි හමුවේවි දෝ.. අහාස්‌ ගඟ තරණයේ...
වසන්තේ.. දුරයි දෝ.. කෙසේ හෝ ළංවේ..වි දෝ..
අනන්තේ.. දකී දෝ.. නිම්තෙර හමුවන තුරා..

නෞකාවේ.. ගමනේ..
නෞකාවේ.. ගමනේ..

තරමක උසට වැඩුණු හය හතරක ඇඟකට
උරුමකරුවකු නොවන මගෙ පපුවට
ලොකු පොඩි හැම දෙයක්ම දැනුණා..

මග බලන බලන තැන හුස්මට දුවගෙන
තරුම හොයන්‌ යන මේ දිවි ගමනක
කෙළවර එක බව මට දැනුණා..

වසන්තේ.. දුරයි දෝ.. කෙසේ හෝ ළංවේ..වි දෝ..
අනන්තේ.. දකී දෝ.. නිම්තෙර හමුවන තුරා..

නිමා වෙන්නේ.. මේ ජීවේ.. රිද්මයකට හුරු වූ..
හඹා යන්නේ.. මායාවේ.. අතීතයම රැවටූ..
වසන්තේ.. දුරයි දෝ.. කෙසේ හෝ ළංවේ..වි දෝ..
අනන්තේ.. දකී දෝ.. නිම්තෙර හමුවන තුරා..

ගමනේ.. නෞකාවේ..
ගමනේ.. නෞකාවේ
ගමනේ.. නෞකාවේ...
ගමනේ...

ඇදී යන්නේ.. මේ දිගන්තේ.. මා..රුතේ හැපී..

Video thumbnail