ඈ නීල වරල පීරලා

ae neela warala peerala

Danapala Udawaththa
ඈ නීල වරල පීරලා Lyrics

ඈ නීල වරල පීරලා
ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානේ මිහිරියාව ගමම එළි කළා
පුන්සඳ රැස්‌ කැලුම්‌ හෙළා
ඈ සුර දෙව්ලියක්‌ වෙලා
කුසුම්‌ නටයි පවන්‌ සල සලා..

සුරංගනාවි.. සුරංගනාවී..
සුපෙම්බරාවි.. ගම්බද විලාසිතාවී..
සුරංගනාවි.. සුරංගනාවී..
සුපෙම්බරාවි.. ගම්බද විලාසිතාවී..

වසන්ත සමය ළංවෙලා
කෝකිල නදින්‌ මත්වෙලා
සිසිල්‌ සුළං යාවි පාවෙලා
දඟ පුළුලුකුළ සල සලා
ඈ මග යන්නෙ හිනැහිලා
නිල්‌ නෙත්‌ යුග මහද මත්‌ කළා

හැඩ වැඩ ගමන ලලිත වේ
ඔබ මුළු ගමට මැණික වේ
සිනහ මුවින්‌ හදක්‌ සැනසුවේ
සාමය සතුට රැඳි ලොවේ
කුමරියෙ ඔබ සිතේ මැවේ
නොබලා හදවත දුකින්‌ තැවේ

ඈ නීල වරල පීරලා
ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානේ මිහිරියාව ගමම එළි කළා
පුන්සඳ රැස්‌ කැලුම්‌ හෙළා
ඈ සුර දෙව්ලියක්‌ වෙලා
කුසුම්‌ නටයි පවන්‌ සල සලා..

සුරංගනාවි.. සුරංගනාවී..
සුපෙම්බරාවි.. ගම්බද විලාසිතාවී..
සුරංගනාවි.. සුරංගනාවී..
සුපෙම්බරාවි.. ගම්බද විලාසිතාවී..

ලස්සන මල්‌ කුමාරියේ
ගම එළි කල මනාලියේ
ඔබ දුටු මගෙ හද පිනා ගියේ
සුර ලෝකේ සුරඟනාවියේ
මගෙ හද දිනු දයාවියේ
සිරිදෙව්‌ දුව ඔබ ප්‍රියාවියේ

පුන්සඳ රන්‌ මනාලියේ
සම්පත ඔබ ප්‍රියාවියේ
සමන්‌ සුගන්ධය හමා ගියේ
මගේ හද බන්දනා ලියේ
යනවද මං දමා ලියේ
ඔයා ළඟයි මං දයාවියේ

ඈ නීල වරල පීරලා
ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානේ මිහිරියාව ගමම එළි කළා
පුන්සඳ රැස්‌ කැලුම්‌ හෙළා
අද සුර දෙව්ලියක්‌ වෙලා
කුසුම්‌ නටයි පචන්‌ සල සලා..

සුරංගනාවි.. සුරංගනාවී..
සුපෙම්බරාවි.. ගම්බද විලාසිතාවී..
සුරංගනාවි.. සුරංගනාවී..
සුපෙම්බරාවි.. ගම්බද විලාසිතාවී..
සුරංගනාවි.. සුරංගනාවී..
සුපෙම්බරාවි.. ගම්බද විලාසිතාවී..
සුරංගනාවි.. සුරංගනාවී..
සුපෙම්බරාවි.. ගම්බද විලාසිතාවී...

Video thumbnail