ඇහැරෙන්න..
ඇහැරෙන්න ඉතින් දැන්වත්
ඉඩ දෙන්න සොඳුරු සිහිනෙන්
ඇහැරෙන්න..
මහා වැස්සක ගිනි ගත්ත..
ඒ ප්‍රේමවන්ත සිහිනෙන්
ඇහැරෙන්න..
දැමුණු සුහික්මුණු.. පිළිවෙත් සුරැකුණු..
මගේම විජිතයෙහී.. මා කිරුළ දරා සිටියා..
ආදරය ඇවිත් සිහිනෙන්...
ඒ කිරුළ සොරා ගත්තා..
ඇහැරෙන්න..
මහා වැස්සක ගිනි ගත්ත..
ඒ නිලංකාර සිහිනෙන්
ඇහැරෙන්න..
(ආදරය අකැප හින්දා..මා වෙස්වලා සිටියා)
දැමුණු සුහික්මුණු.. පිළිවෙත් සුරැකුණු..
මගේම විජිතයෙහී.. මා වෙස්වලා සිටියා..
ආදරය අකැප හින්දා..
ඇහැරෙන්න..
ඇහැරෙන්න කලින් සිහිනෙන්
මට කියා දෙන්න රහසින්
ඇහැරෙන්න..
කොයි සිහිනෙන්ද කියා..
මා ඇහැර බලා යන්නේ..
මේ මොර සූරන වැස්සේ..
ඇහැරෙන්න..
සිහින.. ගිනි ගන්නා
මේ මොර සූරන වැස්සේ..
මා ඇහැර පලා යන්නේ
කොහේ දැයි..
මට කවුද කියා දෙන්නේ..
මට කවුද කියා දෙන්නේ..
ඇහැරෙන්න..
මහා වැස්සක ගිනි ගත්ත..
ඒ නිලංකාර සිහිනෙන්
ඇහැරෙන්න..
මහා වැස්සක ගිනි ගත්ත..
ඒ නිලංකාර සිහිනෙන්..
ඇහැරෙන්න...