අහස ගුගුරා.. අකුණු පුපුරා..

Ahasa Gugura Akunu Pupura

nanda malani
අහස ගුගුරා.. අකුණු පුපුරා.. Lyrics

අහස ගුගුරා.. අකුණු පුපුරා..
මගේ හිත වැන්දඹු වුණා

වසා.. ගන්දොර මගෙ හිමියනි
නුඹට රිසි නම්‌ යන්ට යන්නෙමි

ආලයක්‌ නැතී.. තාලයක්‌ නැතී..
විජිතයේ.. කටු ඔටුනු හැර යමී..
කාලයක්‌ අපි ආදරෙන්‌ සිටි
සොඳුරු මතකය අරන්‌ යන්නෙමි..

වසා.. ගන්දොර මගෙ හිමියනි
නුඹට රිසි නම්‌ යන්ට යන්නෙමි

බැන්ද රන්දම්‌.. මගේ ගෙල වට..
මුදා විසි කොට.. අඬන අහසට..
මගේ සිහිනයේ නුඹ නිදන්‌ කොට
කුරුටු ගී දහසක්‌ ලියන්නෙමි..

වසා.. ගන්දොර මගෙ හිමියනි
නුඹට රිසි නම්‌ යන්ට යන්නෙමි...

වසා.. ගන්දොර මගෙ හිමියනි
නුඹට රිසි නම්‌ යන්ට යන්නෙමි..

Video thumbnail