අහස උසට නැග ගියාට
නැහැනේ අහසේ රැඳෙන්නේ...
අහසේ මාළිගා හැදුවත්
අපි පොළොවෙයි සිටින්නේ.....
අහස උසට නැග ගියාට
නැහැනේ අහසේ රැඳෙන්නේ...
අහසේ මාළිගා හැදුවත්
අපි පොළොවෙයි සිටින්නේ.....
ලඹ කැටයේ අත්වාරුව
බිත්ති දිගේ නගින්නේ..
බිත්තිය ඉහලට යනකොට
අපි පොඩියට පෙනෙන්නේ..
ලඹ කැටයේ අත්වාරුව
බිත්ති දිගේ නගින්නේ..
බිත්තිය ඉහලට යනකොට
අපි පොඩියට පෙනෙන්නේ..
අහස උසට නැග ගියාට
නැහැනේ අහසේ රැඳෙන්නේ...
අහසේ මාළිගා හැදුවත්
අපි පොළොවෙයි සිටින්නේ.....
අහස උසට නැග ගියාට
නැහැනේ අහසේ රැඳෙන්නේ...
අහසේ මාළිගා හැදුවත්
අපි පොළොවෙයි සිටින්නේ.....
සිමෙන්ති කඳුළින් දියකර
සත් මහලයි තනන්නේ..
පලංචියේ කිරි කිරියයි
අපේ දුකට හඬන්නේ..
සිමෙන්ති කඳුළින් දියකර
සත් මහලයි තනන්නේ..
පලංචියේ කිරි කිරියයි
අපේ දුකට හඬන්නේ..
අහස උසට නැග ගියාට
නැහැනේ අහසේ රැඳෙන්නේ...
අහසේ මාළිගා හැදුවත්
අපි පොළොවෙයි සිටින්නේ.....
අහස උසට නැග ගියාට
නැහැනේ අහසේ රැඳෙන්නේ...
අහසේ මාළිගා හැදුවත්
අපි පොළොවෙයි සිටින්නේ.....