අහසයි ඔබ මට නිම්‌ හිමි නොපෙනෙන

Ahasai Oba Mata Nim Him Nopenena

sunil edirisinghe
අහසයි ඔබ මට නිම්‌ හිමි නොපෙනෙන Lyrics

අහසයි ඔබ මට නිම්‌ හිමි නොපෙනෙන
ඉණිමං බඳිනු බැරි..
පොළොවයි ඔබ මට තරුවක්‌ විලසට
රෑ කල පතිත වෙමී..

අහසයි ඔබ මට නිම්‌ හිමි නොපෙනෙන
ඉණිමං බඳිනු බැරි..
පොළොවයි ඔබ මට තරුවක්‌ විලසට
රෑ කල පතිත වෙමී..

ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ..
අසිනි හඬින්‌ නෑ කඳු බිම්‌ සසල වුණේ..
ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා..
ලොව කැළඹුණ දා කඳු බිම්‌ හැකිලෙනවා..

අහසයි ඔබ මට නිම්‌ හිමි නොපෙනෙන
ඉණිමං බඳිනු බැරි..
පොළොවයි ඔබ මට තරුවක්‌ විලසට
රෑ කල පතිත වෙමී..

අනාථ සයුරක වැහි දිය දෝත ඔබයි..
අගාධ අඳුරක දුළ  රන්‌ සිළුව ඔබයි..
ඔබ මට ළඟ බව ඉඳුරා මම දනිමි..
ඔබ වට කහවනු පවුරට මහ දුරකී..

අහසයි ඔබ මට නිම්‌ හිමි නොපෙනෙන
ඉණිමං බඳිනු බැරි..
පොළොවයි ඔබ මට තරුවක්‌ විලසට
රෑ කල පතිත වෙමී..

අහසයි ඔබ මට නිම්‌ හිමි නොපෙනෙන
ඉණිමං බඳිනු බැරි..
පොළොවයි ඔබ මට තරුවක්‌ විලසට
රෑ කල පතිත වෙමී..

Video thumbnail