අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රළ කෙතරම්
එතරම් මිහිරියි ඔබ මට නම්
හිත මැද පෙම්බර කම් සඟවා
යන එන මග ඉඟිබිඟි කරමින්
හොඳ නැහැ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරක්
සුන්දර ඔය වත හින්දම තුන්යම
නින්දක් මට නැතුවා නැතුවා
තිස්සෙම මං වට දැවටෙනු කුමටද
අහන්න මට හිතුනා හිතුනා
සුන්දර ඔය වත හින්දම තුන්යම
නින්දක් මට නැතුවා නැතුවා
තිස්සෙම මං වට දැවටෙනු කුමටද
අහන්න මට හිතුනා හිතුනා
හහහහහ හා.. හා.. හ හා..
හහ හහ හා හා හාහා..
හහහහහ හා.. හා.. හ හා..
හහ හහ හා හා හාහා..
සොඳුරුද මා හට ඔබ කෙතරම්
අන්සතු මලකට ඇයි ලොබකම්
සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්
හිමි නැතිවූ සඳ වෙයි ළතැවුල්..
සොඳුරුද මා හට ඔබ කෙතරම්
අන්සතු මලකට ඇයි ලොබකම්
සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්
හිමි නැතිවූ සඳ වෙයි ළතැවුල්....
තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට
සත්තයි සිහිනෙක මා සිටියා
කන්දක් තරමට හිතුවේ ඇයි නුඹ
බිළිඳුන් නිදි නෑ මං යනවා
තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට
සත්තයි සිහිනෙක මා සිටියා
කන්දක් තරමට හිතුවේ ඇයි නුඹ
බිළිඳුන් නිදි නෑ මං යනවා
අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රළ කෙතරම්
එතරම් මිහිරියි ඔබ මට නම්
හිත මැද පෙම්බර කම් සඟවා
යන එන මග ඉඟිබිඟි කරමින්
හොඳ නැහැ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරක්